විශ‍්‍රාමිකයින්ට 2020 ජනවාරි සිට ගෙවිය යුතු විශ‍්‍රාම වැටුප ආණ්ඩුව විසින් අත්හිටුවීමට එරෙහිව අද (24) පාර්ලිමේන්තු වටරවුමේදී නිහඬ විරෝධතාවයක් පවත්වන ලදී.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාලව විවාදය අද දින පාර්ලිමේන්තුවේදී පැවැතිවිණි.
විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය ජාතික සංවිධායක මහින්ද ජයසිංහ, ප‍්‍රධාන ලේකම් සරත් ලාල් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර විරෝධතා අවස්ථාවට මාලිමාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරිනී අමරසූරිය මහත්මියද සහභාගී විය.

458









