ගෙට්ටු වැසූ හම්බන්තොට ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් රහිතව සියලුම තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් කනස්සල්ලක් තිබෙන බව LPL තරඟාවලියේ කොලම්බු කිංග්ස් කන්ඩායමේ හිමිකරු මුර්ෆාඩ් මුස්තාෆා පවසයි.
“අපට ප්‍රේක්ෂකයන් නැති හිස් ක්‍රීඩාංගනයක සියලු තරඟ පවත්වන්න වෙන්නේ. මගේ දරුවන්ට මෙම තරඟ ප්‍රේක්ෂකාගාරවල ඉඳන් නරඹන්න ලොකු ආසාවක් තිබ්බා. ඒත් ඒක කරන්න විදියක් නැහැ.” ඩුබායි හි ව්‍යාපාරික ජාලයක හිමිකරුවෙකු වන මුර්ෆාඩ් මුස්තාෆා පවසයි. The Week සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස පවසා ඇත.
9,326










