වායු රයිෆලයකින් පාසල් සිසුවෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මහරගම අපෙක්ෂා රෝහලේ ලේ බැංකුව භාර වෛද්‍ය නිලධාරී තාරක ඇල්විටිගල නැමති වෛද්‍යවරයා සම්බන්ධයෙන් මානසික වෛද්‍යවාර්තාවක් ගන්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කරයි.
මෙලෙස වෙඩි තබා ඇත්තේ මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුටය.
වෙඩි වැදීමෙන් තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි වැදී ඇත්ත් සිසුවාගේ පපුවටය.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ තුවාල ලද සිසුවා මිතුරන් කිහිපදෙනකු සමග පසුගිය 22දා සවස ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී ඔවුන්ගේ බෝලය සැකකරුගේ වත්තට යාම නිසා උරණවීමෙණි.
432










