අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රෝගීන් ඇතුළත්කරැගනීම අද (08) සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ එම රෝහලේ පැය කිහිපයක් ප්‍රතිකාර ලැබූ රෝගීයෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි පසුව තහවුරුවීම හේතුවෙනි.
එමෙන්ම එම රෝගියා රෝහලට ඇතුළත්කරන විට රාජකාරි කරමින් සිටියදී ඔහුගේ ආශ්‍රිතයන් බවට හඳුනාගත් වෛද්‍යවරුයෙකු, හෙදියන් 06 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය සඳහා යොමුකර ඇත.
කෙසේ වෙතත් රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය හා දැඩිසත්කාර ඒකක තවදුරටත් ක්‍රියාත්මකය.
383










