මේ හොර තක්කඩියා ඇත්තක් කියලා!

මේ හොර තක්කඩියා ඇත්තක් කියලා!

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රජයට රුපියල් බිලියන 2,000කට අධික පාඩුවක් සිදු කළ මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බවට බන්දුල ගුණවර්ධන විසින් චෝදනා කළ අර්ජුන් මහේන්ද්‍රන් ඇත්තක් කියා ඇති බවට සුන්බුන් විපක්ෂය ප්‍රචාරය කරමින් සිටී.

ඔහු සිංගප්පූරුවට පළා ගොස් සිටින අතර, හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් නම වෙනස් කර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව හෙළි කරනු ලැබීය. එම හෙළිදරව්වෙන් පසුව යූටියුබ් නාලිකාවකට අර්ජුන් මහේන්ද්‍රන් ලිඛිතව පැහැදිලි කිරීමක් එවා තිබූ බව කියවේ.

එම ලිපියෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙසින් වෙනස් කර නැති බව ය. එසේ ම, සිංගප්පූරුවේ පදිංචි ලිපිනය ද අදාළ ලිපියේ දක්වා ඇති බව වාර්තා කර තිබිණි. සුන්බුන් විපක්ෂය ඇතුළු කණ්ඩායම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ එම ලිපිය පරම සත්‍යය අනාවරණය කරන්නක් ලෙසින් හුවා දක්වමින් මහජන ආරක්ෂණ අමාත්‍යවරයා සහ ආණ්ඩුවට මඩ ගැසීමේ ව්‍යාපාරයක් පටන් ගෙන ඇත. රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරෙකු වන සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මෙරට මහ බැංකුවේ අධිපති ලෙසින් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පිරිස් රැසක් සිටියහ. බැඳුම්කර කොල්ලයෙන් පසුව ඔහු සිංගප්පූරුවේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට ගිය බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනු ලැබීය.

එදා රනිල් වික්‍රමසිංහට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව චෝදනා නැගූ පිරිස්, අද දූෂණ චෝදනා එල්ල වූ එම පුද්ගලයන් වීරයන් ලෙසින් සලකමින් ආණ්ඩුවට එරෙහිව අවලාද නගමින් සිටිති.

Facebook
Twitter
LinkedIn