ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා පත් කර සිටින පංච පුද්ගල විනිසුරු මඩුල්ල පිළිබඳව සංවිධානාත්මක කණ්ඩායම් විකෘති ප්‍රචාර දියත් කර ඇත.
එහෙත්, එම විනිසුරු මඩුල්ලේ බහුතරය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබූයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමට පෙර ය. වත්මන් අගවිනිසුරුවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලැබීය. එසේම, අචල වෙංගප්පුලි විනිසුරුවරයා සහ අර්ජුණ ඔබේසේකර විනිසුරුවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කිරීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර පත්වීම් ලැබුවේ සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග විනිසුරුවරුන් පමණි. මෙම පෙත්සම් අද සිට විභාග කිරීමට නියමිත ය.










