කන්ටේනර් වටලයි – පාතාලයට තවත් මරු පහරක්

කන්ටේනර් වටලයි – පාතාලයට තවත් මරු පහරක්

පොලිසියට ලැබී තිබූ තොරතුරක් අනුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත සැක කටයුතු බහලුමක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 420කට අධික ප්‍රමාණයක් ඊයේ හවස අත්තඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් හඹා ගොස් අත්තඩංගුවට ගැනීම් සිදු කරමින් සිටී. අද (01) උදෑසන වනවිට 5 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති අතර, එයින් දෙදෙනෙකු පකිස්තාන් ජාතිකයන් ය. මේ අතර, තවත් බහලුමක් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. මේ වනවිට අත්තඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය රුපියල් කෝටි 800ක් ඉක්මවා ඇත.

Facebook
Twitter
LinkedIn