සිය නිවස තුළ ස්වයං නිරෝධායනය වෙමින් සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය 06 වනදා අසාධ්‍ය තත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා උණ සහ ස්වසන අපහසුතාවයෙන් පසුගිය මාසයේ 30 වනදා හලාවත රෝහලේ විශේෂ කොරෝනා ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවී තිබේ. පසුගිය රෝගියාගේද ඉල්ලීම මත ඔහු ඔහු රෝහලෙන් සිය නිවෙස වෙත නිදහස් කර ඇති අතර පසුගිය 01 වෙනිදා සිට ඔහු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
ඒ අනුව නිවසේදී ඔහු නැවත් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් යළිත් හලාවත රෝහලට පසුගිය 06 වනදා ඇතුළත් කර ඇති අතර එදිනම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මෘතදේහය පිළිබඳ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලය මෙතේක ලැබී නැති බවත් එම දේහය හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ.
461










