නීතිපති හදිසියේම අගමැති හමුවෙලා…

නීතිපති හදිසියේම අගමැති හමුවෙලා…

නීතිපති දප්පුලද ලිවේරා මහතා හදිසියේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බවට මාධ්‍ය වාර්තා පල වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විණිසුරුවරුන් බඳවා ගැනීමේදී අභියාචනාධිකරණයේ හිස්වන පුරප්පාඩු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද අභියාචනාධිකරණයේ විණිසුරුවරුන් වශයෙන් බඳවා ගන්නා ලෙස එහිදී නීතිපතිවරයා ඉල්ලා ඇති බව වාර්තා වේ. එහෙත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් නුගේගොඩ ඉඩම් කොල්ලයක් සිදුකිරීම සම්බන්ධ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපතිවරයා ඉල්ලා සිටීම සහ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්දයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට කරන ලද දැනුම්දීම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන ලද බවය.

නීතිපතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අගමැතිවරයා දැක්වූ ප්‍රතිචාර මේ වනවිට හෙලිවී නැත.

Facebook
Twitter
LinkedIn