ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් තේරී පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ඡන්ද විද්‍යාල 290ක ජය තහවුරු කර ගනිමිනි.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක බලය පමණි.
මේ අතර “බිදුනු ඇමරිකාවට එක්සත්වීමට කාලය එළඹ ඇතැයි” ජෝ බයිඩ්න් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජෝ බයිඩ්න් හට ඡන්ද විද්‍යාල 273ක ජය හිමිවිය. ඒ අනුව ඇමරිකාවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජෝ බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාවේ උප ජනාධිපති පදවියට කමලා හැරිස් තේරී පත්ව ඇති බවය. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති පදවියට පත්වන පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කඵ ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාස ගතවේ.
90 දශකයෙන් පසු එක්වරක් පමණක් ජනාධිපති ධුරය දැරූ ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගතවිය. ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිවැරදි නොවන බවට චෝදනා කරමින් ට්‍රම්ප් දිගින් දිගටම නඩු ගොනුකළ නමුත් ඒවා තහවුරු කිරීමට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කර නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.










