අද (07) මේ වනවිට තවත් කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් 192ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනට මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 449කි
ඉන් 445දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් වන අතර තිදෙනෙකු විදේශ සිට පැමිණි නිරෝධායනට ලක්වෙමින් සිටි නාවිකයින්ය.
අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයනට ලක්වෙමින් සිටි අයෙකි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 9,937ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,662දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 13,419කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් ගණන 34කි.

257










