මීට ස්වල්ප මොහොතකට පෙර (07 – රාත්‍රී 09.00) රජයේ නිව වශයෙන් තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව නිවේදනය කළේ ය.
මෙයින් දෙදෙනෙකු නිවෙස් තුළදීම මියගොස් ඇති අතර ඉතිරි දෙදෙනාම යම් රෝගී තත්වයන් උත්සන්න වීමෙන් රෝහල්වලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ. එම දෙදෙනාද කෝවි – 19 රෝගයෙන් පෙලුණු බව හෙලි වී ඇත. මේ අනුව අද දිනයේදී මෙම වසංගතයෙන් සිව්දෙනෙකු මියගියහ.
එයින් දෙදෙනෙකු කොළඹ මාලිගාවත්තේ සහ අයෙකු වැල්ලම්පිටියේය. අනෙක් තැන්නා ගණෙමුල්ල ප්‍රදේශයේ පදිංචව සිටි අයෙකි.
ඒ අනුව 22 වනදා සිට මේ දක්වා දින 17ක් තුළදී රෝගීන් 21 දෙනෙකු මියගොස් තිබේ. දෙවන රැල්ල ආරම්භ වීමට පෙර මුල් මාස 07 තුළදීම ජීවිතක්ෂයට පත්වූයේ 13 දෙනෙකි.

625










