ශ්‍රේෂ්ඨාධිකරණයට අලුත් විණිසුරුවරුන් 06ක්

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විණිසුරුන් 06දෙනෙකු පත්කිරීම සඳහා පාරලිමේන්තු සභාවට ජනාධිපතිවරයා විසින් නම් 06ක් යෝජනා කර ඇත.

දැනට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම්.ඩී.ඒ නවාස්, ඇතුළු අභියාචනාධිකරණයේ විණිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, කුමුදුණී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, ජනක්ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන විණිසුරුවරුන්ගේ නම් මෙසේ යවා ඇත.

එම විණිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ පසුව අභියාචනාධිකරණයේ පැනනගින පුරප්පාඩු සඳහා පත්කරණ විණිසුරුවරුන් පිළිබඳව මේ වනවිට අනාවරණය වී නැත.

20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තු සභාවට ජනාධිපතිවරයා එවා ඇති නම් ප්‍රතික්ෂේප කිරීමේ බලයක් නොමැත.

Facebook
Twitter
LinkedIn