ඇඳිරිණීතිය පවතින ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබාදෙන රුපියල් 5000 ලබා ගැනීම සඳහා අද (07) උදේ සිට කෝට්ටේ ග්‍රාමනලිධාරී කාර්යාලය ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල සිටුනු දක්නට ලැබිණි.
මේ වනවිට කොළඹට ඇදහැලෙන වර්ෂාව මධ්‍යයේ වුවද එම ජනතාව තම රුපියල් 5000 ලබා ගැනීමට අද පෙරවරුවේ සිට බලා සිටි.
විශේෂයෙන් කොවිඩ් – 19 වසංගතය අධිඅවාධානම් දිස්ත්‍රික්කයක් වන කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ ආකාරයට ජනතාව එක්රැස් වීමට ඉඩහැර තිබීම සෞඛ්‍ය උපදෙස් හා නීති කඩ කිරීමක්ද වී ඇත.
ජනතාව සිටින ස්ථානවලට ගොස් මෙම මුදල් බෙදාදීමට වැඩ පිළිවෙලක් සකස් නොකරන්නේනම් මෙය ජනතාව වසංගතයට ගොදුරුකරන තත්වයක්ද වී තිබේ.

1,125









