සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ හේතුවෙන් වයස අවුරුදු 25ක් වූ අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් වූ ඇය අද (07) වැලිකඩ බන්ධනාගාරයේ සිට පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බවත් වාර්තා වේ.

ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොරොනා ආසාධිතයින් 28 දෙනෙකු මේ වනවිට වැලිකන්ද කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙනවිත් අවශ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙන බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn