බණ්ඩාරවෙල එළවලු ගොවියෝ තම එළවලු අළෙවිකරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව වාර්තා වේ.
මේ වනවිටත් බණ්ඩාරවෙල, හපුතලේ ගොවියෝ බණ්ඩාරවෙල “වයි හන්දියේ” එළවළු තොග විකුනාගත නොහැකිව සිටිති.
තක්කාලි, ගෝවා අස්වනු නෙළිම අතහැර දමන මට්ටමට එළවළු මිල පහත වැටී ඇතිබවද ඔවූහු පවසති විශේෂයෙන් රාඔු රුපියල් 10ට, ලීක්ස් රුපියල් 20ට, තක්කාලි රුපියල් 30ට, ගෝවා රුපියල් 40ටවත් අලෙවි නොවන තත්වයක් මතුව ඇති බව ඔවූහු පවසති.
මහ වැස්සේ ආවරණයක් පවා නොමැතිව එම ගොවියෝ අන්ත අසරණ ලෙස වෙළදාමේ නරතවෙති.

632










