‍ගලේවෙල මාරක  රිය අනතුරු දෙකක්…

‍ගලේවෙල මාරක  රිය අනතුරු දෙකක්…

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ පැයක් ඇතුළත ස්ථාන දෙකකදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ගලේවෙල හා දඹුල්ල රෝහල්වලට ඇතුලත් කර ඇත.

මෙම අනතුරු දෙක සිදුව ඇත්තේ ගලේවල – මාතලේ මාර්ගයේ වාසල කෝට්ටේදී හා දඹුල්ල කුරුණෑගල මර්ගයේ ගලේවෙල නගරාසන්නයේදී පස්වරු 2.00ත් 3.00ත් අතරදීය.

වාසල කෝට්ටේ ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මිල්ලවාන පදිංචි 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.

ගලේවෙල නගරයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී යතුරුපැදිය ටිපර් රථයක ගැටී යතුරුපැදියේ පිටුපස ගමන කල 38 හැවිරිදි ගලේවෙල නගරයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ. පැදිකරු දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී.

ටිපර් රථ දෙකෙහි රියදුරන දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්