T56 සජීව පතරොම්, ජීව අත්බෝම්බ සහ තියුණු අවිආයුධ රැසක් සමග ත්‍රිරෝද රථයකින් හා මෝටර් රථයකින් එම අයුධ ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් කළුතර දකුණ සෙන්ට්‍රල් හන්දිය මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) පස්වරුවේ කටයුතු කර තිබේ.
එහිදී ජීව අත්බෝම්බයක්, ටී 56 සජීව පතරොම් 02ක්, ටී 56 හිස් පතරොම් 02ක්, කඩු 04ක් හා මන්නා පිහි 06ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
අත්අඩංගුවටපත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් අද (07) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
303










