අම්බලන්ගොඩ පවුලකටම කොරෝනා… සැමියා, බිරිඳ ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කරලා…

අම්බලන්ගොඩ පවුලකටම කොරෝනා… සැමියා, බිරිඳ ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කරලා…

ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් යොදාගෙන ගෙයින්ගෙට යමින් මාළු අලෙවි කළ අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ ප්‍රද්ලයෙකුගේ පවුලේ 07දෙනෙකුටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (06) රාත්‍රීයේ හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

මෙහි මාළු අලෙවි කළ පිරිමි පුද්ගලයා පෙර කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබූ අතර ඉන් පසු ඔහුගේ මාමණ්ඩිය ද කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් පසු ඊයේ (06) රාත්‍රිය වනවිට මාළු අලෙවි කිරීමේ නිරතව සිටි පිරිමි පුද්ගලයාගේ බිරිඳ, දරුවන් තිදෙනා සහ බිරිඳගේ සහෝදරියද කොවිඩ් – 19 ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.

මාළු අලෙවි කරන පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිතව පසුගියදා සිදුකර තිබූ අහඹු PCR පරීක්ෂණයකිණි.

ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු ලබාගෙන ඇති අයෙකි.

ඔහු එම අහඹු PCR පරීක්ෂණය සිදුකරණ තෙක්ම තිලකපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් සහ ත්‍රිරෝද රථයකින් ගොස් මාළු අලෙවි කර තිබුණි.

ඊයේ රාත්‍රියේ කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් ඔහුගේ බිරිඳද නිවාස වෙත ගොස් මාළු අලෙවි කර ඇත.

ඒ අනුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ ඔවුන්ගෙන් මාළු මිලදී ගත් අය හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත්කරන ලෙසය.

මේ වනවිට මෙම ප්‍රදේශය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්