කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙරට 30 වැනි කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (06) රාත්‍රී 11.10 නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු මියගොස් ඇ්තතේ ඊයේ (05) දින කොළඹ IDH රෝහලේදීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
අදාල රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම මරණයට හේතුව ලෙස වාර්තා කර තිබේ.

399










