හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ ඊයේ (05) සිට නිරෝධායනය වෙමින් සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම පියා සහ පුතුන් දෙදෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ රැගෙනවිත් ඇති බවත් ඔවුන් කොළඹ 7 පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිතය.
323










