මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.
එම ගිලාබැසීම සිදුවනවිට ගොඩනැගිල්ල අසල නිවසක් මතට කඩා වැටී ඇත. එම යාබද නිවසක සිරවී සිටි තිදෙනා අතුරින් මාස එකහමාරක් වයසැති බිළිඳෙකු සොයා ගෙන තිබේ.
අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
සුන්බුන් අතර සිරවී සිටියදී මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කළ බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
74










