ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවතින නඩු සඳහා නගරාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥයින් සඳහා නඩු ගාස්තු මහජන මුදලින් ගෙවීමට ඊයේ (17) සභාවේදී යෝජනා සම්මතකරගෙන අනුමැතිය ලබාගැනීම බරපතල නීතිය කඩ කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් ලැබෙන නීති උපදෙස් මත ඉදිරියේදී අධිකරණය හමුවට යන බවත් මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා අද (18) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ය.
නාමල් කරුණාරත්න මහතා මේ බව අනාවරණය කර සිටියේ අද කුරුණෑගලදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.
මෙම මාධ්‍ය හමුව සඳහා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සහ මාවතම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නීතීඥ සරත් කරුණාතිලක මහතා එක්වී සිටියහ.










