කාලේ මත්පැන් බෝතලය විකිනීම නතරකරීමේ සූදානමක්…

කාලේ මත්පැන් බෝතලය විකිනීම නතරකරීමේ සූදානමක්…

කාල හෙවත් 180ML මත්ලැන් බෝතල් විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනම් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අද (18) වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති වැඩමුළුවකදී ප්‍රකාශ කර තිබේ.

මෙසේ කාලේ බෝතලය බැගින් අලෙවි කිරීමේදි මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්. ඉවතල බෝතල් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමත් මෙහි අරමුණ බවද සභාපතිවරයා ප්‍රකාඹ කර ඇත.

2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇති බවත් ජනාධිපතිවයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ආශිර්වාදයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර ඇත.

සිගරට් හා මධ්‍යසාර මත මේ වනවිට පනවා ඇති බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් බදු ගමින් ලබාගන්නා මුදල මෙන් කිහිප ගුණයක අති විශාල මුදලක් සිගරට් හා මධ්‍යසාර භාවිතයෙන් ජනතාවට ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම තනි සිගරට්ටුව බැගින් අලෙවි කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමේ යෝජනාවක් 2019 වසරේදී දෙවරක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn