ඥානසාර හාමුදුරුවෝ කඩුවක් අරගෙන ආවා… පක්ෂ සභාපති මට පිස්තෝලයකින් ගැහුවා… තුවාලයට මැහුම් දැම්මා…

ඥානසාර හාමුදුරුවෝ කඩුවක් අරගෙන ආවා… පක්ෂ සභාපති මට පිස්තෝලයකින් ගැහුවා… තුවාලයට මැහුම් දැම්මා…

අතුරලියේ රතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, ආනන්ද සාගර හිමි ඇතුළු වත්මන් රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒම සඳහා දැඩිව වෙහෙස වී කටයුතු කළ භික්ෂූන්වහන්සේලා එක්ව පිහිටුවාගත් “අපෙ ජන බල පක්ෂය”ට ලැබී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නය මේ වනවිට කඩු හරඹ, ගිනි අවි හරඹ දක්වා දිග්ගැස්සී ඇත.

මේ වනවිට එම මන්ත්‍රී ධුරය පදනම් කරගෙන එම පක්ෂයේ බොහෝ පිරිසක් විවිධ පොලිස්ථානවල පැමිණිලි ගොනු අකර ඇති අතර එහි ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි, තමන් වහන්සේම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පත්වන බව මැතිවරණ කොමිසමට දන්වා සැඟවී සිටින බැවින් ලේකම් හිමියෝ සිටින තැන විසමා ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ අපෙ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා තමන් වහන්සේව පැහැර ගත් බවත් ඥානසාර හිමි සහ සමන් පෙරේ කඩු සය ගිනිඅවි අතදරා තමන් වහන්සේට පහර දුන් බවත් පවසමින් වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ ගෝල හිමිනමක් වන අරඹේපොල රතනසාර හිමියෝ ඊයේ (17) පොලිසියට පැමිනිලි කර තිබේ.

එම පහරදීම හේතුවෙන් තමන් වහන්සේට තුවාල සිදුවුණු බවත් තුවලයකට මැහුම් දැමීමට සිදු වූ බවත් උන්වහන්සේ පවසා සිටී.

එමෙන්ම තමන්වහන්සේට ලංකාව තුළ රැකවරණය නොමැති බැවින් වහාම ස්විස්ටර්ලන්ත රජයේ රැකවරණය ලබා දෙන ලෙසටද අරඹේපොල රතනසාර හිමියෝ එම තානාපතිකාර්යාලයට ගොස් ලිපියක්ද බාර දී ඇත.

2017 සැප්තැම්බර් 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වන අරඹේපොල රතනසාර හිමියෝ එදින ස්විට්සර්ලන්ත රජයට එරෙහිව උද්ඝෝෂණයක්ද කළෙ ය. එම අවස්ථාවන් සඳහා අක්මීමන දයාරතන නායක හිමියන්යද එක්වී සිටියේ ය.

ස්විස්ටර්ලන්ත රජයට විරුද්ධව විරෝධතා දැක්වූ අරඹේපොල රතනසාර හිමියන්ම අද මෙලෙස ස්විස්ටර්ලන්ත රජයේ රැකවරණය ඉල්ලා සිටීම දෛවෝපතග සිද්ධියකි.

Facebook
Twitter
LinkedIn