ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවතින නඩු සඳහා නගරාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥයින් සඳහා නඩු ගාස්තු ගෙවීමටත් උපදෙස් ලබාගැනීමටත් එම ගොඩනැගිල්ල යලි ප්‍රතිසංස්කරණය කිරීමටත් රුපියල් ලක්ෂ 45කට ආසන්න මුදලක් නගර සභාව මගින් වෙන්කරවා ගැනීම සඳහා පැවති සූදානමක් පිළිබඳව මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් රකරුණාරත්න මහතා ඊයේ (12) අනාවරණය කළේ ය.
ඒ ඊට අදාල සභා වාර්තා ඉදිරිපත් කරමිණි.
එම මුදල් අනුමත කර ගැනීම සඳහා අද (13) පෙරවරු 10ට නගරසභාව රැස්වීමට නියමිතව තිබූ නමුත් නගරාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් සභාවේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් සභාවෙන් නික්ම ගොස් තිබිණි. නගරාධිපතිවරයා පස්වරු 12.10ට පමණ සභාවට පැමිණියත් මන්ත්‍රීවරු නොමැතිවීම හේතුවෙන් සභාව කල් තැබීමට සභාවේ රැඳී සිටි මන්ත්‍රීවරයෙකු කළ යෝජනාව අනුව සභාව කල් තබා ඇත.
ඒ හේතුවෙන් අද දින උක්ත මුදල අනුමතකරගැනීමට හැකිවී නැහ.
කුරුණෑගල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රනුක සංජය කුරුණෑගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක යන මහතවරුන්ද ඊයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා එක්වී සිටි යහ.











