නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛණය අද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
එහි වෙනස් කම් රැසක් දක්නට ලැබෙන අතර නව මුහුණු කිහිපයක්ම අමාත්‍යවරු ලෙස පත් කර තිබිණි.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පසුගිය දිනවල කටයුතු කර රවිනාථ ආරියසිංහ මහතා ඉන් ඉවත් කර ඒ සඳහා අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා පත්කර ඇත.
එමෙන්ම පසුගිය කොරෝනා අවධානම් සමයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ.
අදාළ අමාත්‍යාංශ ලේකම්වරු 26 දෙනා පහත පරිදිය.
01 – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න – ආරක්ෂක අමාත්‍යාංශය
02 – මේජර් ජනරාල් සංජීව මුණසිංහ – සෞඛ්‍ය අමාත්‍යාංශය
03 – මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා – කෘෂිකර්ම අමාත්‍යාංශය
04 – අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ – විදේශ අමාත්‍යාංශය
05 – ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම්
06 – ආර්.ඩබ්.ආර්. පේමසිරි – මහාමාර්ග අමාත්‍යාංශය
07 – එස්.ආර්. ආටිගල – මුදල් අමාත්‍යාංශය
08 – ජේ.ජේ. රත්නසිරි – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
09 – ජගත් පී.විජේවීර – ජනමාධ්‍ය අමාත්‍යාංශය
10- රවින්ද්‍ර හේවාවිතාරණ – වැවිලි අමාත්‍යාංශය
11- අනුර දිසානායක – වාරිමාර්ග අමාත්‍යාංශය
12 – ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා – කර්මාන්ත අමාත්‍යාංශය
13 – වසන්තා පෙරේරා – විදුලිබල අමාත්‍යාංශය
14 – එස්. හෙට්ටිආරච්චි – සංචාරක අමාත්‍යාංශය
15 – ආර්.ඒ.ඒ.කේ. රණවක – ඉඩම් අමාත්‍යාංශය
16 – එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ – කම්කරු අමාත්‍යාංශය
17 – ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
18 – එම්.කේ.බී. හරිස්චන්ද්‍ර – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
19 – එන්.බී. මොන්ටි රණතුංග – ප්‍රවාහන අමාත්‍යාංශය
20 – ප්‍රියත් බන්දු වික්‍රම – ජලසම්පාදන අමාත්‍යාංශය
21 – ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය
22- අනුරාධ විජේකෝන් – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
23 – කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය
24- වෛද්‍ය අනිල් ජාසිංහ – පරිසර අමාත්‍යාංශය
25- මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශය
26- සිරිනිමල් පෙරේරා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය










