රාජාංගනයෙන් පළමු රෝගියා වාර්තා වී මාසයකට පසු තවත් රෝගියෙක් හමුවෙයි…

රාජාංගනයෙන් පළමු රෝගියා වාර්තා වී මාසයකට පසු තවත් රෝගියෙක් හමුවෙයි…

රාජාංගනය ප්‍රදේශයෙන් පසුගිය ජූලි 11 වනදා පළමු වරට කොරෝනා රෝගියෙකු තහවුරු කරගත් අතර එම කොරෝනා ආසාදිත පුද්ගලයාගේ නිවස ඉදිරිපිට නිවසේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාධනය වී ඇතැයි ඊයේ (12) තහවුරු කරගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හමු වී මාසයකට පසුත් මෙලෙස එම තදාසන්න ප්‍රදේශයෙන්ම ආසාදිතයෙකු වාර්තාවීම විශේෂත්වයකි.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ 102කින් මෙම පාසල් සිසුවා හමුවී ඇති අතර අනෙක් 101 අසාදිතයන් නොවන බවද තහවුරු වී ඇත.

මේ වනවිට හඳුනාගෙන ඇති සිසුවා අනුරාධපුර මෙත් සිරි සෙවණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොම් කර තිබේ.

කෙසේ වෙතත් එම සිසුවා අධ්‍යාපනය හදාරණ පාසලේ දරුවන් නිරෝධායනයට යොමු කර ඇති බැවින් පාසල මේ වනවිට තාවකාලිකව වසා දමා තිබේ.

Facebook
Twitter
LinkedIn