පෞරාණික ගොඩනැගිල්ල විනාශකළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි

පෞරාණික ගොඩනැගිල්ල විනාශකළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.

මේ අතර නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත, විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන, කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල ගරාධිපතිවරයාට සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

නගරාධිබතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn