නගරාධිපති කඩා දැමූ පෞරාණික ගොඩනැගිල්ල පිහිටි භූමියට ඇතුළුවීම තහනම්

නගරාධිපති කඩා දැමූ පෞරාණික ගොඩනැගිල්ල පිහිටි භූමියට ඇතුළුවීම තහනම්

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළුවීම නගරාධිපතිවරයා ඇතුළු පිරිසකට වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත.

ඒ අනුව කරුණෑගල නගරාධිපතිවරයාට අමතරව උප නගාරාධිපති, නාගරික කොමසාරිස් ඇතුළු කරුණෑගල නගර සභාවේ පිරිසකට මෙසේ එම ප්‍රරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරිමින් එම නියෝගය නිකුත් කර ඇත.

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් පසුගිය 14 වනදා රාත්‍රියේ මෙම පෞරාණික ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමා තිබිණි.

තමන් කඩ දැමුවේ පෞරාණික ගොඩනැගිල්ලක් නොවන බවත් එය අනවසර ඉදිකිරීමක් බවත් නගරාධිපතිවරයා පසුව ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ගොඩනැගිල්ලක් බව මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

Facebook
Twitter
LinkedIn