දැරියක් රවටා අපයෝජනය කිරිමේ චෝදානාවට අඹු සැමි යුවලක් අත්අඩංගුවට

දැරියක් රවටා අපයෝජනය කිරිමේ චෝදානාවට අඹු සැමි යුවලක් අත්අඩංගුවට

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් බවට පැවසෙන ඔහුගේ බිරිඳ ඔක්කම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

පසුව සැකකරු විසින් දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු සහ සිද්ධියට අනුබල දුන් බවට පැවසේන ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වු දැරිය මාකසික රෝගී තත්වයකින්ද පෙළෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ ගතකර තිබේ.

ඔක්කම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook
Twitter
LinkedIn