මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,745ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,745ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2,745ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (22) දින හමු වූ ආසාදිතයින් 15 දෙනාද සමග ය.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,064 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 94 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn