කොරෝනා ආසාධිතයින් දෙපිරිසක් අතර ගැටුමක් – 05ක් රෝහලේ

කොරෝනා ආසාධිතයින් දෙපිරිසක් අතර ගැටුමක් – 05ක් රෝහලේ

කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන කන්දකාඩු හි පිහිටි මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඊයේ (21) ගැටුමක් හටගෙන තිබේ.

එම දෙපිරිසේම ආසාධිතයින් කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව පුනරුත්ථාපනය වෙමින් සිටින මධ්‍යස්ථායෙන් හඳුනා ගත් කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයින් ය.

මෙම ගැටුම සමථයකට පත්කිරීම සඳහා යුද හමුදාව මැදිහත් වී ඇති අතර එහිදී 05 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත රැගෙන ගොස් ඇත.

කන්දකාඩු හි පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 370ක පමණ පිරිසක් සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn