කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම : නීතිපතිගෙන් පිටු පහක උපදෙස් පත්‍රිකාවක් වැඩබලන පොලිස්පතිට

කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම : නීතිපතිගෙන් පිටු පහක උපදෙස් පත්‍රිකාවක් වැඩබලන පොලිස්පතිට

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්, වැඩබලන පොලිස්පතිවරයා වෙත පිටු 05කින් යුත් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙම උපදෙස්පත්‍රිකාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇත්තේ පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබා දී ඇති වාර්තා සහ ලියකියවිලිවලි පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, කුරුණෑගල කුරුණෑගල පොලිස් කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයා, කුරුණෑගල විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

එම උපදෙස් පත්‍රිකාව මගින්,

01. කුරුණෑගල නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස,

02. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස,

03. සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරයේ CCTV දර්ශණ පරික්ෂා කර වගකිවයුත්තන් හඳුනාගන්නා ලෙස,

04. කඩිනමින් විමර්ශන අවසන් කර මෙහි පරීක්ෂණ උදෘතයන් ජූලි 31 වනදාට පෙර නීතිපතිවරයා වෙත ලබාදෙන ලෙස,

වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නීතිපතිවරයා වෙත ලබා දී ඇති වාර්තා සහ ලියකියවිලිවලින් මෙය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව හැඟීයන බවද නීතිපතිවරයා එම උපදෙස් පත්‍රිකාව මගින් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn