කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල විනාශයට එරෙහිව ජනතාව පෙත්සමක් අත්සන් කරති

කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ල විනාශයට එරෙහිව ජනතාව පෙත්සමක් අත්සන් කරති

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් වහාම වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමීන් හස්තිශෛලපුර රාජ සභාව විනාශ කිරීමට එරෙහි ජනතා පවුර විසින් සංවිධානය කළ ජනතා පෙත්මක් අත්සන් කිරීම අද (22) එම ස්ථානයේදී සිදු කරන ලදී.

විශාල වශයෙන් ජනතාව ඒකරාෂී වෙමින් මෙම පෙත්සමට අත්සන් තබනු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn