පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 26 වන දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
එහිදි තැපැල් ජන්දය සලකුණු කිරිමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර, අවශ්‍ය නම් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයන් ලබා දිමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සහභාගි විම අනිවාර්යය බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
5










