පෞරාණික ගොඩනැගිල්ල විනාශ කළ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පැමිණිල්ලක්

පෞරාණික ගොඩනැගිල්ල විනාශ කළ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පැමිණිල්ලක්

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් වහාම වගකිවයුත්තන් අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් අද (23) කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම අවස්ථාවට කුරුණෑගල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී රනුක සනංජය මහතා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයින් වන නාවික ඉංජිනේරු එච්.එම්.පී රත්නායක මහතා, ධර්මප්‍රිය දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn