කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පැන ගිහින්

කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පැන ගිහින්

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද (24) අලුයම එම රෝහලෙන් පළාගොස් ඇතැයි වාර්තා වේ.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට කොරගසන පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරති.

මෙලෙස පළාගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය, මාර්බල් බීච්, චීන වාරය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ගැන දන්නා අයෙකු පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
119
0718591017
0718592290
0718591864

Facebook
Twitter
LinkedIn