පොහොට්ටු නාමයෝජනා මණ්ඩලේ ඉඳල තියෙන්නේ බූරුවෝ – බැසිල්

පොහොට්ටු නාමයෝජනා මණ්ඩලේ ඉඳල තියෙන්නේ බූරුවෝ – බැසිල්

මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමා කිරීමට දින 10කටත් අඩු කාලයක් තිබියදී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටීම් මැතිවරණ වේදිකාව කරා පැමිණෙමින් තිබෙන බව බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23) ගාල්ල ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියකදීද තහවුරු වී තිබේ.

ඔහු එහිදී, බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ඔෂධී මද්ධුමහේවා නිලිය මෙයට පෙර කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබෙන්නේ ඇයට නාමයෝජනා ලබාදී තිබෙන්නේ එම මණ්ඩලයේ සිටි බූරුවෙකු බවය.

ඔහු මෙසේ ප්‍රතිචාර චක්වා තිබෙන්නේ ඔෂධී මද්ධුමහේවා මෙයට පෙර සඳහන් කර තිබූ පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා අතර අස්පයන් සහ බූරුවන් දෙපිරිසම සිටින බවත් එයින් අශ්පයන් තෝරාගෙන මනාප ලබා දෙන්නැයි කරණ ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම පිළිතුර දෙනු ලැබුවේ මේ වනවිට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීධුර අපේක්ෂකයන් සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජයෙන් පවා දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබියදී ය. වියත්මග වැනි සංවිධානවල වංචා දූෂණ පිළිබඳ චෝදනා නොමැති අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවට මැතිවරණයට පෙර සඳහන් කර තිබුණද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වී තිබෙන පසු බිමක පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර මතභේද මෙලෙස එළියට පැමිණෙන බව පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn