මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම 2.00ට පමණ රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු විසින් හඳුනාගැනීම හේතුවෙන් ඔහුව ජාතික රෝහල පිවිසුම් දොරටුවක් අසළදී රඳවාගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව ආදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අසළ පිහිටි පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.
ඉන් පසුව ඔහුව රඳවාගෙන අදාළ අංශ දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.
එම පුද්ගලයා අයි.ඩී.එච් රෝහලෙන් පිට වී කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත.
ඔු කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි තවමත් අනාවරණය වී නැත.
මෙම පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට වැලිකන්ද කොරෝනා රෝහලට ජූලි මස 09 වන දින රැගෙන ගොස් පසුව 15 වන දින අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ අයෙකි.
11










