ගෝලීය වසංගත තත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස්

ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කරයි.

එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයයන් කටයුතු කළ යුතු බවත් දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් 80%ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී ඇති බවත් එම සංවිධාන සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධාය වෙනුවෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් අවධාරණය කරන්නේ දේශසිමා, ජාතිභේද, සමේ පැහැය හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂය නොතකමින් පැතිරයන මෙම මාරාන්තික වෛරසය, එක් ජන කොට්ඨාසයක් වෙත ලඝු නොකළ යුතු බවයි.

නව කොරෝනා වෛරසය, චීන වෛරසයක් ලෙසින් අර්ථදැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

මේ අතර පළමුවරට නව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් අත්හදාබැලීමට හැකිවීම ඇගයීමට, එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ග්‍රෙබ්‍රේසස් කටයුතු කළේය.

ඔහු සදහන් කළේ මෙය මෑතකදී අත්පත්කරගත් අද්විතීය ජයග්‍රහණයක්ද බවයි.

Facebook
Twitter
LinkedIn