කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මෙම සතියේ සඳුදා සිට අද (19) දක්වා වසා දමා තිබූ අතර එය මෙම සතියේ මුල් වරට හෙට (20) උදෑසන ආරම්භ කිරීමට නියමිත ය.
කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇති බවත් හෙට දින එය විවෘත වන්නේ පැය 03ක කාලකීමාවකට බවත් වාර්තා වේ.
සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු 2.30 දක්වා විවෘත වන නමුත් හෙට දිනයේ දී ගනුදෙනු සඳහා එය විවෘත වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ පමණි.
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පැය 05ක කාලයක් දෛනික ගනුදෙනු සඳහා විවෘත තැබේ.
මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා සිය නිවේදනය තුළින් අවධාරණය කර සිටින්නේ, මාර්තු 20 සිට 27 දක්වා කාලය තුළ රජය විසින් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත දන්වා ඇති පරිදි නිවසේ සිට සිය රාජකාරි කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේ නම්, කොටස් වෙළෙඳපොළ සාමාජික/ වෙළෙඳ සාමාජික ආයතනවල කාර්ය මණ්ඩලයෙන් එසේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.










