සාර්ථක මෙහෙයුමකින් පසු වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති

සාර්ථක මෙහෙයුමකින් පසු වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමෙන් පසු චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් චීනට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හුබෙයි පළාතේ වූහාන් නගරයට ගිය වෛද්‍ය සේවකයෝ එම කර්තව්‍යය සාර්ථකව අවසන් කර එම රෝහල් පවා වසා දමමින් ඊයේ (17) එම නගරයෙන් පිටත්වීම ආරම්භ කළහ.

Facebook
Twitter
LinkedIn