මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා අසාධිතයින්ගේ ගණන 59 දක්වා ඉහළ ගොස් ඇත.
අද (19) දිනය තුළ මේ වනවිට කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හමුවී ඇති අතර ඊයේ දිනය අවසන්වනවිට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාධිතයින්ගේ ගණන 52කි.
ඒ අනුව දිනෙන් දින මෙරටින් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ ගණන වර්ධනය වෙමින් තිබේ.
චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස ජනවාරි 27 වනදා හමුවූ අතර ලංකාවේන් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වූයේ මාර්තු 11 වනදාය.
ඉන් පසු මාර්තු 14 දින වනවිට කොරෝනා ආසාදිතයින් දස දෙනෙකුද, මාර්තු 15 වනවිට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකුද, මාර්තු 16 වනවිට කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකුද වාර්තා වූහ.
මාර්තු 17 වනදා වනවිට කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වී තිබූ අතර එදින පමණක් පුද්ගලයින් 15 දෙනෙකු හමුවී තිබේ.
ඊයේ (19) වනවිට කොරෝනා ආසාධිතයින් 52නෙකු වාර්තා වූ අතර අද වනවිට එය 59 දක්වා ඉහළ ගොස් ඇත.










