ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පරිදි අප්‍රේල් 25වනදා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට දින නියම කර ඇතත් රටතුළ පවතින් කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිස තීරණය කල බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
මේ වනවිට මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ බව අනාවරණය කළේ ය.
තවත් දින කිහිපයකින් පසු මැතිවරණය පැවැත්වෙන නිවැරදි දිනය දැනුම්දෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
කෙසේ හෝ හැකි ඉක්මනින් කොරෝනා වෛරසය පරාජය කළ යුතු බවත් සැවොම එක්ව එය පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් ය.
15










