දඹදිව සිට ගෙන්වු වන්දනා නඩය නිරෝදායනය නොකර නිවෙස්වලට යවයි

දඹදිව සිට ගෙන්වු වන්දනා නඩය නිරෝදායනය නොකර නිවෙස්වලට යවයි

දඹදිව වන්දනාවේ ගොස් නැවත රෙමරටට ඒමට නොහැකිව සිටි වන්නදා නඩයේ පිරිස විශේෂ ගුවන්යානයක් මගින් අද (19) අළුයම 3.40ට ගෙන්වා ඇති නමුත් ඔවුන් කිසිවෙකුත් නිරෝදායන කටයුතුවලට ලක් නොකර නිවෙස් වෙත යොමු කර ඇත.

එම පිරිස දින 14ක් නිරෝදානය මධ්‍යස්ථානයක රඳවා නිරෝදායනය කිරීමෙන් පසු නිවෙස්වලට පිටත්කර හැරීමට ඊයේ (18) රාත්‍රී වනවිටත් තීරණය කර තිබූ නමුත් අද අළුයම ඔවුන් දිවයිනට පැමිණීමෙන් පසු තම තමන්ගේ නිවෙස්වෙත පිටත්කර හැර තිබේ.

කොරෝනා වෛරසය වසංගතයක මට්ටමෙන් ලොව පුරා පැතිරයන තත්වයක් තුළ මෙලෙස මෙම පිරිස නිරෝදායනය නොකර රට තුළට නිදහස් කිරීම තුළින් යලිත් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ වගකීම් විරහිත ස්වභාවයයි.

Facebook
Twitter
LinkedIn