මැතිවරණ කොමිසම අද (19) දහවල් 12න් පසු මැතිවරණය පිළිබඳව තීරණයක් ගනීවී…

මැතිවරණ කොමිසම අද (19) දහවල් 12න් පසු මැතිවරණය පිළිබඳව තීරණයක් ගනීවී…

කොරෝනා වෛරසය පැතිරයමින් තිබෙන තත්වයක් තුළ මැතිවරණය කැඳවූ ගැසට් නිවේදනය ආපසු කැඳවා පාර්ලිමේන්තුව සක්‍රීය කරනවා වෙනුවට ආණ්ඩුවේ පටු බල වුවමනාව වෙනුවෙන් රටත් ජනතාවත් ගැන නොසිතා දිගින් දිගටම කටයුතු කරන බවත් අද (19) දහවල් 12න් පසු නාමයෝජනා කැඳවීම අවසන් වන බැවින් මැතිවරණය පිළිබඳව තීරණ ගැනීමේ බලය මැතිවරණ කොමිසම වෙත ලැබෙන නිසා මැතිවරණ කොමිසම විසින් රටේ පවතින තත්වය ගැන සලකා තීරණයක් ගනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද පෙරවරුවේ මැතිවරණ ලේකම් කාර්යාලය වෙත නාමයෝජනා බාරදීමට යන අවස්ථාවේ මාධ්‍ය වේදීන් අමතමිණි.

අද දින මෙලෙස නාමයෝජනා බාරදෙන්නේ එය නීත්‍යානුකූලව සිදුකළ යුතු කටයුත්තක් නිසා බවත් එහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට මාධ්‍යවේදී විමල් කැටපේආරච්චි, නීතීඥ සුනිල් වටගල, නීතිඥ නිරූපා සේරසිංහ, නීතීඥ හර්ෂන නානායක්කාර යන මහත්වරු ඇතුළු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn