පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇත.
ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් පසුගිය 03වනදා වරෙන්තුවක්ද නිකුත් කර තිබිණි.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් සෙවයට එයාර් බස් සමාගමෙන් ගුවන්යානා ඇනවුම් කිරීම සඳහා ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ඉල්ලා එයින් ඩොලර් මිලියන 02ක් (රු. මිලියන 362ක්) ලබාගැනීමේ සිද්ධිය මත සහ මුදල් විශූද්ධිකරණය කරන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ඔවුන් අද මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇත.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල මොවුන්ගේ නිවෙස් වෙත පොලිස් නිලධාරීන් ගියද මොවුන් දෙදෙනා නිවසේ නොසිට සැඟව සිට ඇත.
7










