නුගේගොඩ හා කිරුළපන ආශ්‍රිත ප්‍රදේශයන්හි අද (06) උදෑසන කාලයේ විදුලියි විසන්දිවීමක් සිදුව තිබේ.
අද උදෑසන කොළඹ නගරයේ සිදු කරනු ලබන අපජල ව්‍යාපෘතියක ඉදි කිරීම් කටයුතු අතර තුර දී කිරුළපන ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හරින භූගත විදුලි රැහැන් දෙකකට සිදුවු හානි වීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කිරුළපන සිට නුගේගොඩ දක්වා, බලපොකුණ පාර, ජයසිංහ මාවත ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස විදුලිය බිඳ වැටී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතින අතර ඉතා ඉක්මනින් විදුලි ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
24










