රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය සුමන්තිරන්ට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය සුමන්තිරන්ට

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රංජිත් සියඹලාපිටිය, සුසන්ත පුංචිනිලමේ, තාරක බාලසූරිය, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද, ඩිලාන් පෙරේරා, බිමල් රත්නායක, මයන්ත දිසානායක, මුජිබුර් රහුමාන්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය එස්.එම්. මොහමඩ් ඉස්මායිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රජයේ මුදල් පිළිබද කාරක සභාවට ඇතුළත් වේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ සභාපතිවරයා ලෙස අද රැස්වූ එම කාරකසභාවේ සාමාජිකයන් විසින් පත්කරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්